ඉදිරි වසර දෙක තුළදී නවක හෙද නිලධාරීන් 7,000ක් සේවයට ගැනීමට සැළසුම්

ඉදිරි වසර දෙක තුළදී නවක හෙද නිලධාරීන් 7,000ක් සේවයට ගැනීමට සැළසුම්

දිවයින පුරා රෝහල් පද්ධතියේ සේවය කරන ප්‍රධාන සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වෙනුවෙන් ජාතික මට්ටමේ ධාරිතා වර්ධන වැඩසටහනක් ඊයේ (30) කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවති මේ වැඩසටහනේදී, හෙද පරිපාලනය, නායකත්වය සහ සායනික කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් විවිධ පුහුණු හා සාකච්ඡා කටයුතු සිදු කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රෝහල් පද්ධතිය තුළ හෙද නිලධාරීන් දක්වන සේවය සහ නායකත්වය ඉතාම වැදගත් බව පෙන්වා දුන්නා.

ඒ වගේම, සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඉදිරි වසර දෙක තුළ නව හෙද නිලධාරීන් 7,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින්, ක්‍රමික ප්‍රතිසංස්කරණ රැසක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ හෙද අධ්‍යක්ෂණ අංශයේ නිලධාරීන් රැසක්ද එක්ව සිටියා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )