2026 මුල් මාස හතරට ඩෙංගු රෝගීන් 25,082ක් – 12ක් මියගිහින්

2026 මුල් මාස හතරට ඩෙංගු රෝගීන් 25,082ක් – 12ක් මියගිහින්

2026 අවුරුද්දේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වෙලා තියෙනවා කියලා ජාතික ඩෙංගු මර්දන ඒකකය කියනවා.

එම ඒකකයේ වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය කියන්නේ, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කලුතර දිස්ත්‍රික්ක වලින්, ඒත් එක්කම කොළඹ මහනගර සභා සීමාවෙන් වැඩිපුරම රෝගීන් වාර්තා වෙලා තියෙනවා කියලා.

ඒ වගේම මේ වෙනකොට ඩෙංගු හේතුවෙන් මරණ 12ක් ද වාර්තා වෙලා තියෙනවා.

දින 2කට වඩා උණ තියෙනවා නම්, ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමු වෙලා ඒක ඩෙංගුද කියලා පරීක්ෂා කරගන්න කියලාත් ඇය කියනවා.

වෛද්‍යවරයෙක් හමුවෙනකල් උණට පැරසිටමෝල් හැර වෙනත් බෙහෙත් කිසිවක් ගන්න එපා කියලාත්, මදුරු දෂ්ටනවලින් බේරෙන්න මදුරු විකර්ශක භාවිතා කරන්න කියලාත් ඇය ඉල්ලීමක් කරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )