පොල්පිටිය ජලාශයේ වේල්ලෙන් පැනලා 56 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර හමුවේ

පොල්පිටිය ජලාශයේ වේල්ලෙන් පැනලා 56 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර හමුවේ

පොල්පිටිය බෝඩ්ලන්ඩ් ජලාශයේ වේල්ලේ පාලමෙන් කෙසෙල්ගමුඔයට පැන අතුරුදන් වෙලා තිබ්බ පුද්ගලයාගේ මළසිරුර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එකතුවෙලා ගොඩගෙන තියෙනවා.

ඒ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහලට යවලා තියෙනවා කියලා පොලිසිය කියනවා.

මියගොස් තියෙන්නේ පල්ලේවත්ත, පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.

මූලික විමර්ශන අනුව, ඔහු මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් කියලා හෙළිවෙලා තියෙනවා. ඒ වගේම ඔහු ගෙදරින් පිටවෙලා, ජලාශ වේල්ල දිගේ දිවගෙන ගිහිල්ලා කෙසෙල්ගමුඔයට පැනලා තියෙනවා කියලාත් අනාවරණය වෙලා තියෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )