රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම පිරිස ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩී. ජනක මහතා ඉදිරියට ඉදිරිපත් කළාට පස්සේ, මැයි 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කරලා තියෙනවා.

අත්අඩංගුවට ගත් අය අතර චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කර්, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය වගේ රටවල් කිහිපයක පුරවැසියන් සිටින බවයි වාර්තා වෙන්නේ.

පොලිසිය කියන්නේ, මේ පිරිස මහල් කිහිපයක් කුලියට අරගෙන එහි ඉඳන් මෙම ජාවාරම පවත්වාගෙන ගිහින් ඇති බවයි. එම ස්ථානයෙන් පරිගණක සහ ජංගම දුරකථන රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )