අද දවල් 1න් පසු ප්‍රදේශ රැසකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

අද දවල් 1න් පසු ප්‍රදේශ රැසකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

අද දවල් 1න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.

දකුණු පළාතේ නම් උදේ කාලෙත් සමහර තැන්වල වැසි තියෙන්න පුළුවන් බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරු මැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සමහර තැන්වලට මිලිමීටර් 75ට වඩා තද වැසි වැටෙන්න ඉඩ තියෙනවා කියලත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.

මධ්‍යම, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් වෙලාවට මීදුම් තත්ත්වයක් තියෙන්නත් පුළුවන් කියලා කියනවා.

ගිගුරුම් සහිත වැසි එන වෙලාවට හදිසි තද සුළං, අකුණු වගේ දේවල් වෙන්න පුළුවන් නිසා ඒවගෙන් බේරෙන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )