විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත සම්බන්ධව විශේෂ දැනුම්දීමක්

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත සම්බන්ධව විශේෂ දැනුම්දීමක්

නව අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත හෙට (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනවා කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියනවා.

අප කළ විමසීමකදී එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතාත් ඒක තහවුරු කරලා තියෙනවා.

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක්, ඒ කියන්නේ 62.64%ක් විශ්වවිද්‍යාල වරම් ලබාගෙන තියෙනවා.

මාර්තු 31 වෙනිදා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරලා තිබුණා. මෙවර ඒ විභාගයට සිසුන් 281,810ක් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒ අතරින් අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවලා තියෙනවා කියලා විභාග දෙපාර්තමේන්තුව කියනවා.

ඒ වගේම, 30,000කට වැඩි සිසුන් පිරිසක් සියලුම විෂයන් අසමත් වෙලා තියෙනවා.

අනිත් පැත්තෙන්, සියලු විෂයන්ට A සාමාර්ථ (A grades) ගත්ත පාසල් සිසුන් ගණන 7,477ක්. ඒක 3.38%ක් විතරයි.

පෞද්ගලික අපේක්ෂකයන් අතරින් 823 දෙනෙකුත් සියලු විෂයන්ට A සාමාර්ථ ලබාගෙන තියෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )