වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ටෝ ලාම් මහතා පිළිගැනීමේ නිල උත්සවයෙන් පසුව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 5ක් හුවමාරු කරගෙන තියෙනවා.

මෙම ගිවිසුම් වලින් පොලිස් පුහුණුව, විද්‍යා හා තාක්ෂණය, ආගමික සහ සංස්කෘතික කටයුතු, සංස්කෘතික සහයෝගීතාව සහ තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයන් ආවරණය වෙලා තියෙනවා.

ඒ කියන්නේ දෙරට අතර අධ්‍යාපන, පර්යේෂණ, ආගමික සහ සංස්කෘතික සබඳතා වඩා ශක්තිමත් කරගන්න මේ ගිවිසුම් උපකාරී වෙනවා.

මෙම ගිවිසුම් හුවමාරුවෙන් පසුව, වියට්නාමය විසින් ශ්‍රී ලංකාවට පොහොර සහනාධාරයක් ද ලබා දී තියෙනවා

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )