දෙනියායට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

දෙනියායට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර උණ රෝගයක් සීඝ්‍රයෙන් පැතිර යන තත්ත්වයක් ගැන සොයා බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට යන්න සූදානම් වෙලා තියෙනවා කියලා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා කියලා තියෙනවා.

රෝගය පැතිරෙන එක පාලනය කරන්න කියලා සෞඛ්‍ය උපදෙස් අනුව, දෙනියාය කලාපයේ පාසල් 4ක් ඊයේ (7) සහ අද (8) වසා දාලා තියෙනවා. ඒවා නම් දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්වි භාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය.

සිසුන් සහ ගුරුවරුන් අතර රෝගය වැඩිවෙලා තියෙන නිසා මේ තීරණය ගත්තා කියලා කියනවා. හැබැයි මේ තත්ත්වය තවම වසංගතයක් තරම් දුරට ගිහින් නැහැ කියලාත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඉදිරියේදී පාසල් නැවත විවෘත කරන එක ගැන තීරණය ගන්නෙත් සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුවයි කියලා දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.අර්. පතිරණ මහතා සඳහන් කළා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )