වෛද්‍ය පීඨ ශිෂ්‍ය ගැටලු විසදන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනම් පියවර

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ගැටලු විසදන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනම් පියවර

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මතු කරපු ගැටලු ගැන සාකච්ඡා කරලා ඒවාට විසඳුම් දෙන්න සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කඩිනම් පියවර ගන්නා බව සඳහන් වෙනවා.

වෛද්‍ය සිසුන් කොළඹදී විරෝධතාවයක් සංවිධානය කරන්න සූදානම් වෙලා තිබුණු අතර, ඒ ගැන වාර්තා වුණාට පස්සේ වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා එම ශිෂ්‍ය නියෝජිතයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවලා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී උපාධිය සම්පූර්ණ කළ වෛද්‍ය සිසුන්ට සීමාවාසික පුහුණුව ලබාදීම, නව පත්වීම් ලබාදීම සහ සෞඛ්‍ය සේවාව පුළුල් කිරීම වැනි කරුණු ගැන අවධානය යොමු කරලා තිබෙනවා.

තවද ඉදිරිපත් වූ අනෙකුත් ගැටලු ගැනත් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා, ඒවාට අවශ්‍ය ඉදිරි පියවර ගන්න එකඟතාව පළ කළ බවත් සඳහන් වෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )