හදිසි කාලගුණ තත්වය හමුවේ ගුවන්යානා මත්තලට හරවයි

හදිසි කාලගුණ තත්වය හමුවේ ගුවන්යානා මත්තලට හරවයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක Bandaranaike International Airport ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් හදිසි පියවරක් ලෙස Mattala Rajapaksa International Airport වෙත යොමුකර තිබෙනවා.

අධික වර්ෂාව, තද සුළං සහ අඩු දෘශ්‍යතාව හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් යානා ගොඩබැස්වීමේ කටයුතු තාවකාලිකව අපහසු තත්ත්වයකට පත්ව තිබූ බව වාර්තා වෙනවා.

ඒ අනුව විදේශ රටවල් කිහිපයකින් පැමිණි ගුවන් යානා 6ක් පමණ ආරක්ෂිත හේතු මත මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ගුවන් මගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් මෙම තීරණය ගෙන ඇති අතර, කාලගුණ තත්ත්වය යහපත් වූ පසු යානා නැවත කටුනායක වෙත ගමන් කිරීමට නියමිත බවද සඳහන්.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )