වර්ෂාව සමග දුම්රිය ධාවනයට බාධා – කැලණි වැලි සහ පුත්තලම් මාර්ගයට ගස් කඩා වැටිලා

වර්ෂාව සමග දුම්රිය ධාවනයට බාධා – කැලණි වැලි සහ පුත්තලම් මාර්ගයට ගස් කඩා වැටිලා

කැලණි වැලි මාර්ගයේ කොස්ගම සහ අවිස්සාවේල්ල අතරත්, පුත්තලම මාර්ගයේ හලාවත සහ මාදම්පේ අතරත් මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, අයහපත් කාලගුණය සහ තද සුළං හේතුවෙන් මෙම ප්‍රදේශවල දුම්රිය මාර්ග මත ගස් කඩා වැටී ඇති බවයි. ඒ නිසා ගමනාගමනය තාවකාලිකව අඩාල වී ඇති අතර, ඇතැම් දුම්රිය ප්‍රමාද වීමටද ඉඩ ඇති බව සඳහන්.

මේ වනවිට දුම්රිය සේවකයන් විසින් මාර්ගය පිරිසිදු කිරීමේ සහ ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, ඉක්මනින්ම ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )