Donald Trump කියුබාව දෙසට හැරෙයි? Raul Castroට එරෙහිව ඝාතන චෝදනා ඉදිරිපත් කරයි

Donald Trump කියුබාව දෙසට හැරෙයි? Raul Castroට එරෙහිව ඝාතන චෝදනා ඉදිරිපත් කරයි

අමෙරිකාව විසින් හිටපු කියුබා ජනාධිපති Raúl Castro ට එරෙහිව ඝාතන චෝදනා ගොනු කර තිබෙනවා. මෙය ඇමරිකාව සහ කියුබාව අතර සබඳතා තවත් උණුසුම් කළ විශේෂ සිදුවීමක් ලෙස සැලකෙනවා.

මෙම චෝදනා 1996 වසරේදී කියුබා හමුදා ගුවන් යානා මගින් කියුබානු පිටුවහල් කණ්ඩායමක් භාවිත කළ ගුවන් යානා බිඳ දැමූ සිද්ධියකට අදාළයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු මියගොසින්.

94 හැවිරිදි රාවුල් කාස්ත්‍රෝට එරෙහිව ඇමරිකාව විසින් ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඝාතන චෝදනා සහ ගුවන් යානා විනාශ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ගොනු කර තිබෙනවා.

Donald Trump පාලනය යටතේ කියුබාවේ කොමියුනිස්ට් ආණ්ඩුවට එරෙහි පීඩනය වැඩි කරමින් සිටින අතර, මෙම නඩුවද එහි කොටසක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා දක්වනවා.

කෙසේ වෙතත්, රාවුල් කාස්ත්‍රෝ තවමත් කියුබාවේ සිටින බව සඳහන් වන අතර ඔහු ඇමරිකාවට භාරදෙනු ඇතැයි මෙතෙක් කිසිදු සලකුණක් නොමැති බවද වාර්තා වෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )