අධික වැසි හේතුවෙන් දෙහිඕවිට කලාපයේ පාසල් 6ක් වසයි

අධික වැසි හේතුවෙන් දෙහිඕවිට කලාපයේ පාසල් 6ක් වසයි

පවතින අධික වැසි තත්ත්වයත් එක්ක දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 6ක් අද දවසේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 3ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 3ක් වසා දමා, එහි ඉගෙනුම ලබන ළමුන්ව නිවෙස් වෙත යොමු කරන්න කියලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යනවාද, නැත්නම් නිවාඩු ලබා දෙනවාද කියන තීරණය ගැනීමේ වගකීමත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවරා තිබෙන බව දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල්. හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )