මත්ද්‍රව්‍ය චෝදනාවකට හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

මත්ද්‍රව්‍ය චෝදනාවකට හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

වැලිමඩ ප්‍රදේශයේ පදිංචි ආර්. චාමර නිශාන්ත කුමාර නම් පුද්ගලයෙකුට අද කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවය කළ ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා කිහිපයක් යටතේ මෙම දඬුවම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සතුව මකුඩු ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 4ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ පළමු සහ දෙවැනි චෝදනා සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව තුන්වැනි චෝදනාවට වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කර ඇති බව සඳහන්.

මෙම නියෝගය ලබාදී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින්

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )