රක්ෂිත බන්ධනාගාරගත කර සිටි “ලොකු පැටී” යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි “ලොකු පැටී” යළි රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණ පනත යටතේ තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(29) නියෝග කළා.

නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුලු දෙදෙනා පෙර නඩු දිනයේදි ඇප මත මුදා හැර තිබුණා.

සිද්ධියට අදාල පළමු සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.

නඩුව ලබන 2 දින නැවත කැඳවිමට නියමිතයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )