ගෝඨාභය රාජපක්ෂට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක්

ගෝඨාභය රාජපක්ෂට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරාසේන විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, එය වහාම ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ තුන්වැනි සැකකරු ලෙස නම් කර ඇති පාස්කු ප්‍රහාරය සම්බන්ධ Channel 4 අනාවරණයට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම නඩුවට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, අධිකරණය ඉදිරි නියෝග සඳහා කරුණු සලකා බලමින් සිටිනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )