කුවේට් ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක්? මෙහෙයුම් තාවකාලිකව නවතයි

කුවේට් ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක්? මෙහෙයුම් තාවකාලිකව නවතයි

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අද (03) උදෑසන ඉරානයෙන් එල්ල වූ බව කියන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදුවී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ගුවන්තොටුපළේ ප්‍රධාන පහසුකම් කිහිපයකටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් පසුව කුවේට් බලධාරීන් ගුවන්ගමන් සහ ගුවන් මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති අතර, ආරක්ෂක තත්ත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටිනවා.

එමෙන්ම, ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර, සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද වාර්තා වෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )