මෙතෙක් කලක් අමෙරිකාව දින වූ ටියානා සුමනසේකර ලංකාව දිනවන්න ගත් තීරණය

මෙතෙක් කලක් අමෙරිකාව දින වූ ටියානා සුමනසේකර ලංකාව දිනවන්න ගත් තීරණය

ශ්රී ලංකා–ඇමරිකානු ජිම්නාස්ටික් ක්රීඩිකාවක් වන ටියානා සුමනසේකර දැන් සිට ශ්රී ලංකාව නියෝජනය කරමින් තරඟවලට සහභාගී වන බව නිවේදනය කර සිටිනවා.
මෙම තීරණය ඇගේ වෘත්තීය ජීවිතයේ ආඩම්බර සහ චිත්තවේගීය සන්ධිස්ථානයක් ලෙස ඇය විස්තර කරනවා.
සමාජ මාධ්ය හරහා පළ කළ පණිවිඩයකදී ඇය සඳහන් කර ඇත්තේ ජිම්නාස්ටික් ක්රීඩාවට තමාට කුඩා වයස සිටම ගැඹුරු ආශාවක් තිබූ බවත්, ක්රීඩාව තම ජීවිතයේ වැදගත් කොටසක් බවයි.
පසුගිය වසර පහක කාලය තුළ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් වූ බවත්, එම ගමන තුළ ලැබූ අවස්ථා සඳහා කෘතඥතාව පළ කරන බවත් ඇය සඳහන් කර තිබෙනවා.
ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්රී ලංකාව වෙනුවෙන් තරඟ කිරීම “සිහිනයක් සැබෑ වීමක්” බවත්, එය තම උරුමයට ගරු කිරීමටත්, ශ්රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ජිම්නාස්ටික් ක්රීඩාවට වැඩි අවධානයක් ලබා දීමටත් උපකාරී වන බවයි.
“ශ්රී ලාංකික ඇමරිකානු කෙනෙකු ලෙස මගේ හදවත රටවල් දෙකටම අයත් වීම ගැන මම ආඩම්බර වෙමි,” යනුවෙන් ඇය සඳහන් කර ඇති අතර, ඇයට සහය දක්වන සියලු දෙනාට ස්තූතිය පළ කර ඉදිරි අවස්ථා සඳහා උද්යෝගයෙන් සිටින බවද පවසා තිබෙනවා.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )