
සලේගේ මෝසම ගැන තීරණාත්මක තීන්දුව අද
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය ජූනි මස 04 වන දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නා.
එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.
