කළුතර ප්‍රදේශ කිහිපයකටත් පැය 10ක ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකටත් පැය 10ක ජල කප්පාදුවක්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා අද (10) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහා අද උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )