මහ වැසි සමඟ තද සුළං ද ගිගුරුම් සහිත සැර අකුණු ද රටම තෙමන මහ වැස්සක් ළඟ ද

මහ වැසි සමඟ තද සුළං ද ගිගුරුම් සහිත සැර අකුණු ද රටම තෙමන මහ වැස්සක් ළඟ ද

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලට අද දිනය තුළ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද වැසි තත්ත්වයන් පවතිනු ඇති බව සඳහන් වනවා.

ඌව පළාතේ මෙන්ම මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )