
පටිය බැඳලා සුරකිමු දිවි මඟ දඩ නොකා යමු අධිවේගී මඟ
අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියැදුරන් සහ මගීන් සඳහා ආරක්ෂිත ආසන පටි පැලඳීම හෙට (19) සිට අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙල යටතේ මෙම නව නීතිය බලාත්මක කෙරෙන බව සඳහන්.
නව නීතිය පිළිබඳ ජනතාව සහ රියැදුරන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (17) කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර රියැදුරන් සහ මගීන් දැනුවත් කිරීම සඳහා මාස තුනක සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය හෙටින් (19) අවසන් වීමට නියමිතයි.
ඒ අනුව එදින සිට නීතිය දැඩි ලෙස බලාත්මක වන අතර, නීතිය උල්ලංඝනය කරන්නන්ට රුපියල් 1,000ක් දක්වා දඩ මුදලක් පැනවීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරනවා.
තවද, පවතින නීතිමය ප්‍රතිපාදන අනුව රියැදුරු, මගියා සහ වාහන හිමිකරු යන තිදෙනාම මෙම වගකීමට හා වරදට සෘජුවම යටත් වන බවද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.
