
2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන විශේෂ සමාලෝචනයක්
2026 අයවැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සහ විශේෂ ප්‍රතිපත්තිමය අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙහිදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබු බව සඳහන්.
ආරක්ෂක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක, කෘෂිකර්ම, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන, වරාය සහ සිවිල් ගුවන් සේවා, රාජ්‍ය පරිපාලන, වෙළෙඳ, අධිකරණ, කාන්තා හා ළමා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, මහජන ආරක්ෂක, තරුණ කටයුතු සහ ක්‍රීඩා, පරිසර සහ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන ඇතුළු අමාත්‍යාංශ රැසක් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු මෙහිදී වෙන වෙනම සමාලෝචනය කෙරුණා.
අදාළ සියලු පාර්ශ්ව එක්ව ගැටලු කඩිනමින් විසඳා ගනිමින් ව්‍යාපෘති වේගවත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති ලේකම්වරයා, ජනතාවට අයවැය යෝජනාවල ප්‍රතිලාභ කඩිනමින් ලබාදීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව ද පෙන්වා දී තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, මුදල් කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා
