අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ගෝඨාභයගේ රිට් පෙත්සම විභාගයට ගැනීම ඇරඹෙයි

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ගෝඨාභයගේ රිට් පෙත්සම විභාගයට ගැනීම ඇරඹෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (18) සලකා බැලීම ආරම්භ වී තිබෙනවා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු සරත් දිසානායක මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගෙන තිබෙන බව සඳහන්.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වන අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සූහරශී හේරත් පෙනී සිටිනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර , එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )