
නයිජර්හි විශාලතම ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් 35 දෙනෙකු මරුට
නයිජර් රාජ්යයේ විශාලතම ගුවන්තොටුපළ වන නියාමිහි ඩියෝරි හමානි ජාත්යන්තර ගුවන්තොටුපළට බ්රහස්පතින්දා තුවක්කුකරුවන් එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරනවා.
මෙය මාස පහකටත් අඩු කාලයක් තුළ එම ගුවන්තොටුපළ ඉලක්ක කර එල්ල වූ දෙවන ප්රහාරය ලෙස සැලකෙනවා.
මුස්ලිම් බහුතරයක් වෙසෙන නයිජර්හි පදිංචිකරුවන් විදෙස් මාධ්ය වලට පවසා ඇත්තේ, උදෑසන යාඥා අවසන් කිරීමෙන් පසු ගුවන්තොටුපළ ප්රදේශයෙන් දැඩි පිපිරීම් සහ වෙඩි තැබීම් ශබ්ද ඇසුණු බවයි.
නයිජර් ආරක්ෂක අමාත්යාංශය සඳහන් කළේ මියගිය අය අතර ප්රහාරකයින් 22 දෙනෙකු, සොල්දාදුවන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු සිටින බවයි.
මේ අතර, අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ ජමාත් නුස්රත් අල්-ඉස්ලාම් වල්-මුස්ලිමින් (JNIM) කණ්ඩායම මෙම ප්රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.
දශකයකට ආසන්න කාලයක් තිස්සේ ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායම්වලට එරෙහිව සටන් කරමින් සිටින නයිජර් රාජ්යය, ජනවාරි මාසයේදීද මෙම ගුවන්තොටුපළට එල්ල වූ ප්රහාරයකට මුහුණ දුන් අතර, එහි වගකීම ඉස්ලාමීය රාජ්ය කණ්ඩායමට සම්බන්ධ සංවිධානයක් විසින් භාරගෙන තිබෙනවා.
ඊයේ (19) සවස වන විට ප්රචණ්ඩකාරී තත්ත්වය පාලනයට ගෙන තිබූ අතර, ඉතිරිව සිටින ප්රහාරකයින් සොයා ආරක්ෂක හමුදා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
