අධ්‍යාපනයට ලැබුණු අලුත් පියාපත් තෝරාගත් සිසුන් 14 දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් ලැප්ටොප්

අධ්‍යාපනයට ලැබුණු අලුත් පියාපත් තෝරාගත් සිසුන් 14 දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් ලැප්ටොප්

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ ලබාදීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී දිවයින පුරා තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනෙකුට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති අරමුදල විසින් රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර තිබෙනවා.

ජනාධිපති අරමුදල සඳහන් කළේ, 2025 සහ 2026 වසරවලදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුසිසුවියන් 30 දෙනෙකුට පමණ අධ්‍යාපනික උපකරණ ලබාදී ඇති බවයි.

එම වැඩසටහන් සඳහා මේ වනවිට ජනාධිපති අරමුදල විසින් රුපියල් ලක්ෂ 98කට වැඩි මුදලක් වැය කර තිබෙන බව ද සඳහන් වෙනවා.

මෙම අවස්ථාවට ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන් සහ සිසුසිසුවියන් පිරිසක් සහභාගී වී සිටියා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )