ග්වාඩලජාරා පිටියම උණුසුම් කරලා දකුණු කොරියාව එක බිංදුවට පරදාලා මෙක්සිකෝව ආවා 32 වටයට පියඹාලා

ග්වාඩලජාරා පිටියම උණුසුම් කරලා දකුණු කොරියාව එක බිංදුවට පරදාලා මෙක්සිකෝව ආවා 32 වටයට පියඹාලා

2026 FIFA ලෝක කුසලානයේ සම සත්කාරක රටක් වන මෙක්සිකෝව, ග්වාඩලජාරා ක්රීඩාංගණයේදී දකුණු කොරියාව 1–0ක් ලෙස පරාජය කරමින් අවසන් 32 දෙනාගේ පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්ව තිබෙනවා.
තරගයේ පළමු අර්ධය පුරා දෙපිලම දැඩි ආරක්ෂක ක්රීඩා රටාවක් අනුගමනය කළ බැවින් ගෝල ලබාගැනීමට අවස්ථා සීමිත වුණා.
කෙසේ වෙතත්, දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් තුළ 50 වන මිනිත්තුවේදී ලුයිස් රොමෝ ලබාදුන් තීරණාත්මක ගෝලය මෙක්සිකෝවට ජයග්රහණය ලබා දී තිබෙනවා.
ඉන් අනතුරුව දකුණු කොරියානු කණ්ඩායම තරගය සමකර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවද, මෙක්සිකෝ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔවුන්ට නොහැකි වුණා.
ප්රේක්ෂකයන් 46,000කට අධික පිරිසක් සහභාගි වූ මෙම තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් සහ තරඟකාරී වාතාවරණයකින් යුක්ත වූ බව සඳහන්.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )