ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ ගිහින් ලංකාවෙත් මිල බැස්සා නවදහසෙන්

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ ගිහින් ලංකාවෙත් මිල බැස්සා නවදහසෙන්

ලෝක වෙළෙඳපොළේ රන් මිල සැලකිය යුතු ලෙස පහළ යාමත් සමඟ මෙරට රන් මිලද රුපියල් 9,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව ඊයේ (18) රුපියල් 391,000ක් ලෙස සටහන් වූ කැරට් 24 රන් පවුමක මිල අද (19) රුපියල් 382,000ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
එසේම ඊයේ රුපියල් 359,700ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 351,500ක් ලෙස වාර්තා වෙනවා.
මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද දිනයේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙස සටහන් වී තිබෙනවා.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )