යුද ගිනි නිවාලන්න ගිවිසුමකට එළඹී හෝමූස් සමුද්‍ර සන්ධිය යළි ලොවටම විවෘත වෙයි

යුද ගිනි නිවාලන්න ගිවිසුමකට එළඹී හෝමූස් සමුද්‍ර සන්ධිය යළි ලොවටම විවෘත වෙයි

මැද පෙරදිග යුද තත්ත්වය අවසන් කිරීම සඳහා රටවල් දෙකක් අතර අත්සන් කළ නව ගිවිසුමකට අනුව එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පනවා තිබූ නාවික අවහිරය ඉවත් කර ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරනවා.
එක්සත් ජනපද මධ්යම අණදෙන මූලස්ථානය (CENTCOM) නිවේදනය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත අවහිරය අවසන් කළ බවත්, කෙසේ වෙතත් ඇතැම් එක්සත් ජනපද නාවික යාත්රා “සාමාන්ය ප්රදේශයේ” තවදුරටත් රැඳී සිටින බවයි.
මේ අතර, ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ගිවිසුම අනුමත කර ඇති බව සඳහන් කරමින්, අභ්යන්තරව “වෙනස් මත” තිබුණද ජාතික අවශ්යතා සලකා මෙම තීරණය ගත් බව පවසා තිබෙන බව ද සඳහන්.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ සහතිකයන් මත ගිවිසුම ඉදිරියට ගිය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සෘජු ප්රතිචාරයක් නොදක්වා තිබුණද, Truth Social හරහා ඔහු ප්රකාශ කර ඇත්තේ ප්රදේශයේ සියලුම පෙරමුණුවල සටන් විරාමයක් අපේක්ෂා කරන බවයි.
නව ගිවිසුම යටතේ හෝමූස් සමුද්ර සන්ධිය නැවත විවෘත කිරීම, ඉරානය න්යෂ්ටික අවි ලබා නොගැනීම සහ ආර්ථික සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 300ක අරමුදලක් ඇතුළු ප්රධාන කරුණු 14ක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගෙන ඇති බවද වාර්තා වෙනවා.
කලාපීය විශ්ලේෂකයන් පවසන්නේ මෙම ගිවිසුම මැද පෙරදිග තත්ත්වය තාවකාලිකව සාමකාමී කිරීමට හැකි වුවද, ඉදිරි කාලයේදී දේශපාලන අභියෝග තවමත් පවතින බවයි.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )