ස්විට්සර්ලන්ත කඳු මුදුනේ සාකච්ඡා නවතාලා සාම කතාවක් නැවතත් මඟහැරිලා

ස්විට්සර්ලන්ත කඳු මුදුනේ සාකච්ඡා නවතාලා සාම කතාවක් නැවතත් මඟහැරිලා

ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් කඳු මුදුන් නිවාඩු නිකේතනයේදී අද දින පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා අවලංගු කර ඇති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්යාංශය ප්රකාශ කරන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
යුද තත්ත්වය අවසන් කිරීම සඳහා ටෙහෙරානය සහ වොෂින්ටනය අතර ඇති කරගත් ගිවිසුම ක්රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට මෙම හමුව සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත්, එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් මෙම සංචාරයෙන් ඉවත්වීමත් සමඟ, ධවල මන්දිර ප්රකාශකයෙකුද එය තහවුරු කර තිබෙනවා.
ඒ අනුව ඉරාන නියෝජිතයින් සමඟ අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු වී ඇති බවත්, නව දිනයක් පිළිබඳව මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැති බවත් වාර්තා වෙනවා.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )