සෞඛ්‍ය ආයතන 17කට නව අධ්‍යක්ෂවරුන් පත් කෙරෙයි

සෞඛ්‍ය ආයතන 17කට නව අධ්‍යක්ෂවරුන් පත් කෙරෙයි

සෞඛ්ය සේවාවේ ප්රගමනය වෙනුවෙන් ගන්නා වූ සියලු තින්දු තීරණ කිසිදු දේශපාලන වාසියක් හෝ ජනප්රියත්වයක් වෙනුවෙන් නොගන්නා බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
ගනු ලබන සියලු තීන්දු තීරණ ඉදිරි වසර කිහිපය දී මෙරට සෞඛ්ය සේවාවේ ප්රගමනයට මෙන්ම රටේ අභිවෘද්ධියට කෙතරම් දුරට ඉවහල් වන්නේ ද යන්න සලකා බලමින් ගන්නා බවත්, කිසිදු දේශපාලන වාසියකට හෝ ජනප්රියත්වය සලකා තීන්දු තීරණ නොගන්නා බවත්, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්යවරයා මෙම අදහස් දක්වන ලද්දේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල, කොළඹ ද සොයියා කාන්තා රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහ රෝහල ඇතුළු සෞඛ්ය ආයතන 17 කට අධක්ෂවරුන් පත්කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.
එම පත්වීම් ලිපි ප්රදානය ඊයේ (19) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී සිදු වී තිබෙනවා.
මෙහි දී කාසල් වීදියේ කාන්තා රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්ය එස්.ඩී.යූ. රංග, ද සොයිසා මාතෘ (ශික්ෂණ) රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්ය සී.පෙරේරා, මහමෝදර ශික්ෂණ රෝහලේ (ර්ජමන් ශ්රී ලංකා මිත්රත්ව කාන්තා රෝහල) අධ්යක්ෂවරයා ලෙස වෛද්ය කේ.එම්. සෝමරත්න, ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ ලෙස වෛද්ය බී.අයි කුරුකුලසූරිය සහ මාතර මහ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්ය යජේ.පී. රණසිංහ යන මහත්ම මහත්මින් අමාත්යවරයා අතින් පත්වීම් ලබා ගෙන තිබුණා.
එමෙන්ම වෛද්ය ඒ.එම්.එස් බණ්ඩාර සබරගමු පළාත් සෞඛ්ය යවා අධ්යක්ෂ, වෛද්ය එන් සරවණ බවත් නැගෙනහිර පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ, වෛද්ය ඒ. එම්. ටී.කේ අත්තනායක බදුල්ල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ, වෛද්ය පී. ඒ. ඩී. ඩී. එස් පොන්වීර පුත්තලම ප්රදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ, වෛද්ය ඩබ්ලිව්.ඒ.එස්.එස් වික්රම නුවර ප්රදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ, වෛද්ය එස්. ටී. ඒ. පී. සේරසිංහ මොණරාගල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ, වෛද්ය සීමුරගේ කළුතර ප්රදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ, වෛද්ය බී. කායල්විලි වයඹ පළාත් නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ, වෛද්ය ඊ. රාජපක්ෂ අධ්යක්ෂ මානසික සෞඛ්ය, වෛද්ය ජේ.කේ.එම්.එන් ජයකොඩි මැලේරියා මර්දන ව්යාපාරයේ අධ්යක්ෂ, වෛද්ය ජේ. එම.එස්.ඒ.ජයසිංහ ලාදුරු මර්දන ව්යාපාරයේ අධ්යක්ෂ, වෛද්ය එන්.එච්. ධර්මතිලක ආහාර පරිපාලක පාලන ඒකකයේ අධ්යක්ෂ වශයෙන් ද අමාත්යවරයා අතින් මෙහිදී පත්වීම් ලිපි ලබා ගෙන තිබෙනවා.
පත්වීම් ලැබුවන්ගේ වෘත්තීය ජීවිතයට සුභ පැතුම් එක්කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා සෞඛ්ය සේවාවේ ඉදිරි පියවරක් ලෙස මෙම පත්වීම් ප්රදානය හැඳින්විය හැකි බව ද පැවසූ බව සදහන්.
මින් පෙර ලබාදුන් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් පත්වීම් 09 සහ මෙම අධ්යක්ෂ පත්වීම 17 ද ඉදිරියේ දී ලබාදීමට නියමිත සෞඛ්ය පරිපාලන සේවයේ පත්වීම් ද ඔබ විසින් උපයා ගත් දේවල් පමණක් නොවන බවත්, අමාත්යාංශය පලෙස ලේකම්තුමා සහ නිලධාරීන් සිදු කල කැපවීමක ප්රතිඵලයක් බවද සඳහන් කර සිටිනවා.
විසදා ගැනීමට තිබූ ගැටළු විසඳා ගනිමින් ප්රතිපත්තියක් සහිතව, අනාගතය පිළිබඳව දැක්මක් සහිතව තීන්දු තීරණ ගත් බව මෙහි දී සඳහන් කළ අමාත්යවරයා නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරුන් පත්කිරීම පසුගිය වසර එක හමාරක කාලය තුළ ගත් දැවැත්තම පියවරක් බවත්, මෙම පත්වීම් ලබාදීම ද ඊට සමානවම තමන් සලකන බවත් අධ්යක්ෂ වරුන් ලෙස ලබාදෙන මෙම වගකීම අමාත්යායේ ඉදිරි පියවරක් ලෙස සලකන බව ද සඳහන් කළා.
මේ රජය පවත්වාගෙන යාමේ දී ලැබී තිබෙන ජනවරම නව අධ්යක්ෂවරුන් තේරුම් ගත යුතු බවත්, එම ජනවරම පවත්වා ගෙන යාමේ කොටස්කරුවන් වන්නේ නව අධ්යක්ෂවරුන් බව ද අවධාරණය කළ අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මැතිවරණයේ දී ඡන්දය දුන්නා ද නොදුන්නා ද යන්න වැදගත් නොවන බවත්, ජනවරම රාජ්ය ප්රතිපත්තිය බවට පත්කර ගනිමින්, ජනතාව වෙනුවෙන් සේවය කිරීම සදහා උපරිම ප්රමාණයෙන් කැපවෙන ලෙස ද ඉල්ලා සිටියා.
රට තිබුණු තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට ඉතා විශාල මහන්සියක්, කැපකිරීමක් කළ යුතු බවත්, වසර එක හමාරක් වැනි කාලයක් තුළ දී රට යම් ස්ථාවර තත්තවයට ගෙන ඒමටත්, ආර්ථිකය ස්ථාවර කිරීමටත් හැකියාව ලැබී ඇත්තේ එහි ප්රතිපලයක් නිසා බව ද පවසා තිබෙනවා.
රටේ ආර්ථිකය සේම සෞඛ්ය අමාත්යාංශයේත් විශ්වාසය ගොඩ නැගීමේ කාර්‌ය මෙම අමාත්යාංශය භාරගන්නා විට තමන්ටත්, ලේකම් ඇතුළු නිලධාරීන්ට පැවරුණු බව මෙහි දී සිහිපත් කළ අමාත්යවරයා පෙර වසරවල්වල සිදුවූ ක්රියාවලින් පළුදු වී තිබූ විශ්වාසය මේ වන විට එම විශ්වාසය තහවරු කර ඇති බවද පැවසීය. ඊළඟ වසර එක හමාරක කාලය තුළ එම ස්ථිරත්වය මත පදනම්ව ගොඩ නැගීම සිදුකරන බවත් සදහන් කර ඇති බව සඳහන්.
සෞඛ්ය කාර්ය මණ්ඩලය සමග ජනතාව සම්බන්ධීකරණය කිරීමේ කාර්ය අංශ ප්රධානීන් ලෙස අධ්යක්ෂවරුන් සිදුකළ යුතු බව අංශ ප්රධානියා ශක්තිමත්ව, අරමුණකට රාජකාරි කටයුතු සිදු කරන්නේ නම් ආයතනය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වන බව ද අමාත්යවරයා පෙන්වා දෙනු ලැබුවා.
එමෙන් ම අමාත්යාංශ මට්ටමින්, ජාතික මට්ටමින් ගන්නා තීන්දු තීරණ ක්රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද අමාත්යවරයා මෙහි දී අවධාරණය කර සිටියා.
තීන්දු ගනුයේ අනාගතය ප්රගමනය සඳහා බවත්, වර්තමානයේ ඒ සදහා සුදුසු පරිසරක් නව අධ්යක්ෂ වරුන්ට පවතින බවත්, මේ සදහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු නොකරන බව ද අමාත්යවරයා අවධාරණය කළා.
අමාත්යාංශය ලෙස හා රජය ලෙස ශක්තිමත් ආයතන පරධානීන්ගේ අවශ්යතාවය මෙහි දී මතු කළ අමාත්යවරයා මෙතෙක් කළත් නොතිබුණු බලයක් අධ්යක්ෂවරුන්ට ලබා දෙන බවත් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පැවසූයේ අධ්යක්ෂවරුන් වශයෙන් රෝහල් හා සෞඛ්ය ආයතනවල විශාල වගකීමක් ඔවුන්ට පැවරෙන බවයි.
සියලු දෙනා සමග සුහඳව, එක්ව මනා කළමණාකරනයකින් යුතුව කටයුතු කිරීමෙන් ආයතනයේ වර්ධනයක් පෙන්නුම්කර හැකි බවත් අවශ්ය විට දී සෘජු තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමේ වැදගත්කම ද ලේකම්වරයා උදාහරණ සහිතව මෙහිදී නව අධ්යක්ෂවරුන්ට පෙන්වා දෙනු ලැබුවා.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජනක කිත්සිරි ගුණවර්ධන, වාමික එච්.ගමගේ, කේ.පී. යෝගවන්ද්ර, නියෝජ්ය ආක්ෂ ජනරාල් (රසායනා ලාර සේවා) විශේෂඥ වෛද්ය අර්ජුණ තිලකරත්න, අධ්යක්ෂ වෛද්ය අයන්ති කරුණාරත්න, යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )