
ඩෙංගු මර්දන වැඩේ බඹරුන්ගෙන් නැවතිලා රෝහලටම ගිහිල්ලා
කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ පැවති ඩෙංගු මර්දන ශ්රමදාන වැඩසටහනක් අතරතුර බඹර ප්රහාරයක් සිදුවීමෙන් පාසල් ළමුන් 07 දෙනෙකු සහ මව්වරුන් 02 දෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.
පාසල් භූමියේ ගසක තිබූ බඹර කූඩුවක් ශ්රමදාන කටයුතු අතරතුර ඇවිස්සීමෙන් මෙම ප්රහාරය සිදුවී ඇති අතර, තුවාල ලැබූ සියලු දෙනා කොත්මලේ ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
කොත්මලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා සඳහන් කළේ, 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් තුවාලකරුවන් වහාම රෝහල වෙත යොමු කළ බවයි.
සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් එක්ව ගිනි දුම් භාවිත කර බඹරුන් පාලනය කිරීමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
