
කැලණි ගඟේ ජල දූෂණ ගැටලුවට පරිසර අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානයට
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධ ගැටළුව පරිසර කටයුතු පිළිබඳ අමාත්යාංශීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානයට ලක්වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී කැලණි ගඟ පිරිසිදු කිරීමේ ව්යාපෘතිය පිළිබඳව මෙම විශේෂ සාකච්ඡාව පවත්වා තිබෙනවා.
මෙහිදී ගඟ පිරිසිදු කිරීම සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදුකරන සාකච්ඡාවල ප්රගතිය පිළිබඳවද කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව ද සඳහන් වෙනවා.
එමෙන්ම ගරු මන්ත්රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ කැලණි ගඟ දූෂණය සම්බන්ධ අනෙකුත් ගැටළු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හා නිලධාරීහු පිරිසක් සහභාගී වුණා.
