ටෝකියෝ පාසලෙන් දුමක් නැඟිලා ළමා හිනාවන් ටිකකට නිහඬ වෙලා

ටෝකියෝ පාසලෙන් දුමක් නැඟිලා ළමා හිනාවන් ටිකකට නිහඬ වෙලා

ජපානයේ ටෝකියෝ නගරයේ කිටා වාට්ටුවේ පිහිටි ටකිනොගාවා අංක 3 ප්රාථමික පාසලේ අද (20) පෙරවරුවේ ඇති වූ ගින්නකින් ළමුන් අට දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
ගින්න හටගන්නා අවස්ථාවේ පාසල තුළ සිසුන් සහ ගුරුවරුන් 350කට ආසන්න පිරිසක් රැඳී සිට ඇති බව වාර්තා වෙනවා.
ටෝකියෝ පොලිසිය සඳහන් කළේ තුවාල ලැබීම හෝ අසනීප තත්ත්වයක් දැනීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.
එහිදී එක් දරුවෙකු ඉවත් කිරීමේ කටයුතු අතරතුර බිම වැටී අතක් කැඩී ඇති බව ද වාර්තා වෙනවා.
ගින්නෙන් පසු පාසලේ සිටි සෙසු සිසුන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව අසල පිහිටි උද්යානයකට සහ වෙනත් ස්ථානවලට ඉවත් කර ඇති අතර, පාසල තුළ කිසිවෙකු සිරවී නොසිටි බව බලධාරීන් තහවුරු කර තිබෙනවා.
අද පෙරවරු 11ට ටික වේලාවකට පෙර ගින්න සම්බන්ධයෙන් ටෝකියෝ පොලිසියට සහ ගිනි නිවන බලධාරීන්ට දැනුම්දී තිබූ අතර, පාසලේ සිව්වන මහලේ පිහිටි සංගීත කාමරයක් අසලින් කළු දුමාරයක් නැඟී එන බවට වාර්තා වෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 75ක් ඇතුළු විශාල හදිසි ප්රතිචාර කණ්ඩායමක් යොදවා ඇති අතර, වර්ග මීටර් 200ක පමණ ප්රදේශයක් ගිනිබත් වී පැය තුනකට පමණ පසු ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )