රිසි සේ ඉගෙනුමට දිරියක් දුන්නා විදෙස් දහඩියට අගයක් දුන්නා ශිෂ්‍යත්ව තෑග්ගක් තංගල්ලේදී දුන්නා

රිසි සේ ඉගෙනුමට දිරියක් දුන්නා විදෙස් දහඩියට අගයක් දුන්නා ශිෂ්‍යත්ව තෑග්ගක් තංගල්ලේදී දුන්නා

හම්බන්තොට දිස්ත්රික්කයේ පදිංචි විදෙස්ගත ශ්රී ලාංකික ශ්රමිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ (21) තංගල්ලේ පිහිටි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දකුණු පළාත් විගමනික සම්පත් මධ්යස්ථාන ශ්රවණාගාරයේදී හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහත්මාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය යටතේ ක්රියාත්මක වූ අතර, විදෙස්ගත ශ්රමික ප්රජාවගේ දරුවන්ගේ අධ්යාපන කටයුතු දිරිගැන්වීම එහි අරමුණ බව සඳහන් වෙනවා.
ඒ අනුව 5 වසර ශිෂ්යත්ව විභාගය සමත් දරුවන් 28 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 25,000 බැගින් ශිෂ්යත්ව ප්රදානය කෙරුණු අතර, සමස්ත වටිනාකම රුපියල් 700,000 ක්.
අ.පො.ස. සාමාන්ය පෙළ සමත් දරුවන් 12 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 30,000 බැගින් රුපියල් 360,000ක්ද, අ.පො.ස. උසස් පෙළ සමත්ව වැඩිදුර අධ්යාපනය ලබන දරුවන් 3 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 40,000 බැගින් රුපියල් 120,000ක්ද ලෙස ශිෂ්යත්ව ප්රදානය කෙරුණා.
මෙම වැඩසටහන යටතේ ශිෂ්යත්වලාභීන් 43 දෙනෙකු සඳහා ලබාදුන් සමස්ත මුදල රුපියල් මිලියන 1.18ක් වෙනවා.
පසුගිය වසරේදීද මෙවැනිම වැඩසටහනක් යටතේ හම්බන්තොට දිස්ත්රික්කයේ විදෙස්ගත ශ්රමිකයින්ගේ දරුවන් 33 දෙනෙකුට රුපියල් 960,000ක් වටිනා ශිෂ්යත්ව ප්රදානය කර තිබෙනවා.
ශිෂ්යත්ව ප්රදානෝත්සවයෙන් අනතුරුව නියෝජ්ය අමාත්යවරයා ඩෙංගු තත්ත්වය, ඉන්ධන මිල, පාස්කු ප්රහාර විමර්ශන සහ වී මිලදී ගැනීමේ ක්රියාවලිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස් පළ කර තිබෙනවා.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )