කජු වත්තේ ඝාතනයකට මුරකරුවන් 08 ක් අත්අඩංගුවට

කජු වත්තේ ඝාතනයකට මුරකරුවන් 08 ක් අත්අඩංගුවට

වනාතවිල්ලුව පොලිස් වසමේ කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ කල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (09) අළුයම් කාලයේ මියගිය පුද්ගලයා කරතිව් පිහිටි වැවිලි සමාගමකට අයත් කජු වත්තක කජු ඇහිදීමට ගොස් සිටියදී එහි මුරකරුවන්ට හසුවී ඔවුන් විසින් පහරදී වායු රයිෆල් අවියකින් බවට සැක කෙරෙන අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ මුරකරුවන් 08 දෙනෙකු වායු රයිෆල් අවි 04ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 19 ත් 41 ත් අතර වයස්වල පසුවන ඒත්තාලේ, පුත්තලම, කල්පිටිය,අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )