කල්පිටියේ සඟවා තිබූ කහ, සබන් සහ ෂැම්පු තොගයක් පොලිස් භාරයට

කල්පිටියේ සඟවා තිබූ කහ, සබන් සහ ෂැම්පු තොගයක් පොලිස් භාරයට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් සඟවා තිබූ කහ, සබන් සහ ෂැම්පු පැකට් තොගයක් පුත්තලම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (17) වැනිදා කල්පිටිය, කන්දකුලිය, වෙඩිපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වෙඩිපිටිය මුහුදු තීරයේ සඟවා තිබූ කහ කිලෝග්‍රෑම් 420යි ග්‍රෑම් 50ක්, සබන් කැට 1,600ක් සහ ෂැම්පු පැකට් 45,888ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

මෙම භාණ්ඩ තොගය සඟවා තිබී ඇත්තේ ගුවන් හමුදාවට අයත් වෙඩිපිටිය නමින් හැඳින්වෙන භූමි ප්‍රදේශයක බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

එම ප්‍රදේශය ගුවන් හමුදා නිලධාරීන්ගේ පුහුණු කටයුතු සඳහා භාවිත කරන ස්ථානයක් ලෙස ද සැලකෙනවා.

මේ අතර, වැටලීම සිදුකළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැකකරුවෙකු පලා ගොස් ඇති බවත්, අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )