
නුවර – යාපනය මාර්ගයේ බස් – යතුරුපැදි අනතුරකින් ගුරුවරියක් ජීවිතක්ෂයට
නුවර–යාපනය ප්‍රධාන මාර්ගයේ පූනෑව, කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ මාරක රථවාහන අනතුරකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පූනෑව පොලීසිය පවසනවා.
අද (18) උදෑසන මහනුවර සිට වවුනියාව දෙසට ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව, යතුරුපැදියේ ගමන්ගත් ගුරුවරිය බස් රථයේ පසුපස රෝදයට යටවීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ පූනෑව, ගල්කන්දේගම විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ 56 හැවිරිදි කාන්තාවක්.
මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පූනෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව සඳහන් වෙනවා.
