පාර්ලිමේන්තුවේ අයවැය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීමට අමෙරිකානු නියෝජිත පිරිසකගේ තාක්ෂණික සහාය

පාර්ලිමේන්තුවේ අයවැය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීමට අමෙරිකානු නියෝජිත පිරිසකගේ තාක්ෂණික සහාය

ස්වාධීන අයවැය විශ්ලේෂණ සහ ආර්ථික විග්රහ හැකියාවන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සතියක් පුරා පැවති තාක්ෂණික සහය හුවමාරු වැඩසටහනක් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේදී සාර්ථකව අවසන් වී තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපද කොංග්රසයේ House Democracy Partnership (HDP) සහ Congressional Budget Office (CBO) එක්ව “පාර්ලිමේන්තුවේ අයවැය හා ආර්ථික විශ්ලේෂණය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ මෙම වැඩසටහන 2026 ජූනි 08 සිට 12 දක්වා පවත්වා තිබෙනවා.
මෙහි ප්රධාන අරමුණ වූයේ මූල්ය අධීක්ෂණය, අයවැය විශ්ලේෂණය සහ සාක්ෂි මත පදනම් වූ ප්රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ ධාරිතාවය වැඩිදියුණු කිරීමයි.
එමෙන්ම ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් (Parliamentary Budget Office – PBO) පිහිටුවීම පිළිබඳ සාකච්ඡා සඳහාද මෙය සහාය වී ඇති බව සඳහන්.
මෙම වැඩසටහන සඳහා එක්සත් ජනපද නියෝජිතයන් ලෙස House Democracy Partnership හි මේගන් මුවර් මහත්මිය සහ Congressional Budget Office හි මේගන් කැරොල් මහත්මිය හා ක්රිස්ටි හෝලි ඇන්තනි මහත්මිය සහභාගී වී සිටියා.
ශ්රී ලංකාවේ අමෙරිකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ජේන් හොවෙල් මහත්මියද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, කාරක සභා කාර්ය මණ්ඩලය, ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්ය මූල්ය ආයතන නියෝජිතයන් රැසක් මෙම වැඩසටහනට සහභාගී වූණා.
මෙහිදී කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, පාර්ලිමේන්තු අධීක්ෂණය, කාරක සභා ක්රියාකාරිත්වය සහ සාක්ෂි මත පදනම් වූ මූල්ය තීරණ ගැනීම ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව සඳහන්.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සමඟද පැවති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මූල්ය අධීක්ෂණ යාන්ත්රණය සහ ස්වාධීන විශ්ලේෂණ හැකියාවන් පිළිබඳ අදහස් හුවමාරු වී තිබෙනවා.
CBO නියෝජිතයන් විසින් එක්සත් ජනපද කොංග්රස් අයවැය ක්රියාවලිය, පනත් කෙටුම්පත් පිරිවැය ඇස්තමේන්තු, ආර්ථික පුරෝකථන සහ ආයතනික ස්වාධීනත්වය පිළිබඳව ද ඉදිරිපත් කිරීම් සිදු කරනු ලැබුවා.
එමෙන්ම ශ්රී ලංකා මහ බැංකුව සමඟ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා (CoPF) රැස්වීමද නිරීක්ෂණය කරමින්, රටේ මූල්ය අධීක්ෂණ ක්රියාවලිය පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගැනීමට නියෝජිත පිරිසට අවස්ථාව ලැබී තිබෙනවා.
වැඩසටහන අවසානයේදී ශ්රී ලංකාව සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් (PBO) පිහිටුවීම සඳහා කෙටි, මධ්ය හා දිගුකාලීන සැලැස්මක්ද සකස් කර ඇති බව සඳහන් වෙනවා.
මෙම වැඩසටහන මඟින් පාර්ලිමේන්තුවේ මූල්ය අධීක්ෂණ සහ අයවැය විශ්ලේෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කර ඇති අතර, ජාත්යන්තර සහයෝගිතාවද තවදුරටත් ශක්තිමත් කර ඇත
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )