
කැනේඩියානු මහ කොමසාරිස් හා අමාත්‍ය උපාලි පන්නිල මහතා අතර විශේෂ හමුවක්
ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය හා ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර විශේෂ නිල හමුවක් ඊයේ (18) පස්වරුවේ අමාත්යාංශ පරිශ්රයේදී පවත්වා තිබෙනවා.
මෙහිදී රටේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීම සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රජය ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව මහ කොමසාරිස්වරිය සිය ප්රශංසාව පළ කරනු ලැබුවා.
දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය වැනි අර්බුද හමුවේද ජනතා අවශ්යතා ඉටු කිරීමට රජය ගෙන ඇති පියවරද ඇයගේ ඇගයීමට ලක් වුණා.
මෙහිදී අමාත්යවරයා විසින් “ප්රජා ශක්ති” ජාතික දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන පිළිබඳව මහ කොමසාරිස්වරිය දැනුවත් කළ අතර, ග්රාමීය දිළිඳුකම අවම කිරීම සඳහා කැනේඩියානු රජයේ සහයෝගය ලබාදීමට ඇය එකඟතාව පළ කළ තිබෙනවා.
එමෙන්ම වැඩිහිටි හා ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වූ බව සඳහන්.
මෙම ක්ෂේත්රයන් සඳහා තාක්ෂණික සහය ලබාදීමටද කැනේඩියානු මහ කොමසාරිස්වරිය කැමැත්ත පළ කර තිබෙනවා.
මෙම අවස්ථාවට අමාත්යාංශ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා ඇතුළු නිලධාරීහු සහ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක්ද එක්ව සිටියා.
