
ගින්නක් ඇවිත් සූරියගල ගිලගෙන අක්කර ගණනක් අළුවට හැරගෙන
පොළොන්නරුව අරලගංවිල සූරියගල රක්ෂිතයේ ඊයේ (18) රාත්රියේ හදිසි ගිනි ගැනීමක් හටගෙන ඇති අතර, එහි හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙනවා.
ගින්න හේතුවෙන් මේ වන විට රක්ෂිතයේ අක්කර 20කට ආසන්න ප්රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිබත් වී විනාශ වී ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.
මේ දිනවල පවතින අධික වියළි කාලගුණය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් මෙවැනි ගිනි ගැනීම් ඉතා වේගයෙන් ව්යාප්ත වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.
මෙම ගිනි ගැනීමෙන් රක්ෂිතයේ ශාක හා සත්ත්ව පද්ධතියට දැඩි හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
