ෂැන්ගු නුවර දිදුලවමින් ලංකා නාමය පෙන්වුවා අපේ කොල්ලන්ගේ බලය

ෂැන්ගු නුවර දිදුලවමින් ලංකා නාමය පෙන්වුවා අපේ කොල්ලන්ගේ බලය

චීනයේ ෂැන්ගු නුවර පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේ පිරිමි මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

දිනෙත් වීරරත්න, චමෝද් යෝධසිංහගේ, චලිත් පියුමාල් සහ මෙරොන් විජේසිංහගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තරගය තත්පර 38.63ක කාලයකින් නිම කරමින් සිව්වැනි ස්ථානය හිමිකර ගත්තා

එම දක්ෂතාවයත් සමඟ වසර 8ක් පැරණි ජාතික වාර්තාව ද අලුත් කිරීමට ඔවුන් සමත් වුණා.

මීට පෙර ශ්‍රී ලංකා ජාතික වාර්තාව ලෙස සටහන්ව තිබුණේ 2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ෂෙහාන් අඹේපිටිය, විනෝද් සිල්වා, හිමාෂ ඒෂාන් සහ මොහොමඩ් අෂ්රොෆ් විසින් තත්පර 39.08ක කාලයකින් පිහිටුවා තිබූ වාර්තාවයි.

මෙවර තරගයේ රන් පදක්කම චීන කණ්ඩායම දිනාගත් අතර, රිදී පදක්කම තායිලන්තයටත්, ලෝකඩ පදක්කම චීන තායිපේ කණ්ඩායමටත් හිමි වුණා.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )